කොටස් වෙළෙඳපොළ දැවැන්ත පසුබැස්මක්.


පසුගිය අප්‍රේල් 18 වනදායින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) දින ආරම්භ විය. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙරවරු 9.30 ට ආරම්භ වුවත් අද දින ගනුදෙනු ආරම්භය පෙරවරු 10.30 දක්වා කල්දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ උපදෙස් පරිදි පියවර ගෙන තිබුණි.

මේ අතර අද මධ්‍යහ්නය වන කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 166 කින් හා S&P SL20 දර්ශකය ඒකක 96 කින් පහළ ගොස් තිබුණි. ඒ වන විට ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 121.88 ක් ලෙසිනි.

එසේම පසුගිය 21 දා දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මිය ගිය ජනතාව සිහිකරලීම පිණිස ගනුදෙනු ආරම්භයට පෙර මිනිත්තුවක කාලයක් නිහඬව සිටීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින කටයුතු කරන ලදී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment