මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 27 දක්වා ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 27 දක්වා ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාව පසුගිය වසර 10ක කාලය තුළ සියයට 11ක ඉහළයාමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් දියත් කරනු ලැබූ පරිගණක සාක්ෂරතාවපිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව වර්ෂ 2006/2007 දී 16.1% ක්වූ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව, මෙසේ 2015 වසරේදී 27.1% දක්වා ඉහළ ගොස් ඇත.

නාගරික ග්‍රාමීය හා වතු අංශ අතරින් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය (39.2 %) නාගරික අංශයෙන් වාර්තා වන අතර ග්‍රාමීය හා වතු අංශ වල එය පිළිවෙලින් 25.5% හා 9 .0% ලෙස වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසී ය.

වයස් කාණ්ඩ සැලිකිල්ලට ගැනීමේ දී වැඩිම පරිගණක සාක්ෂරතාවක් පෙන්නුම් කරන්නේ අවුරුදු 15 ත් 19 අතර වයස් කාණ්ඩයෙන් වේ.

එමෙන්ම මෙරට නාගරික අංශයේ මෙන්ම ග්‍රාමීය අංශයේ ද ගෘහ ඛාණ්ඩ 4කින් එක් ගෘහ කාණ්ඩයක් සතුව පරිගණකයක් පවතින බවට සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

පරිගණකයක් සහිත ගෘහභාණ්ඩ වැඩි වශයෙන් පවතින්නේ බස්නාහිර පළාතේ වන අතර අඩුම සංඛ්‍යාවක් පවතින්නේ ඌව පළාතේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

අන්තර්ජාලය භාවිත කරන ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර සෑම පුද්ගලයින් සිය දෙනෙකුගෙන්ම 9 දෙනෙකු එක් වතාවක් හෝ විද්‍යුත් තැපෑල භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

මෙරට වැඩ කරන ජනගහණයේ පරිගණක සාක්ෂරතාව සියයට 52ක් වන අතර රැකියා විරහිත ජනගහණයේ සාක්ෂරතාව ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව රැකියා විරහිත අවුරුදු 20 ත් 24 ත් අතර වයස් ඛාණ්ඩයේ සාක්ෂරතාව සියයට 80.7ක් සහ අවුරුදු 25ත් 29ත් අතර වයස් කාණ්ඩයේ සාක්ෂරතාව සියයට 78.9ක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment