ශ්‍රීලංනිප අැමති 6ක් විපක්ෂයට?


පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ විට ආණ්ඩුවේ සිටින ආමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකර විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර යන පළාත් නියෝජනය කරන මෙම ඇමතිවරුන් ආණ්ඩුවේ නායකයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව දැටි කළකිරීමෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට දින නියම කළ විට ප්‍රථමයෙන් බස්නාහිර,වයඹ හා නැගෙනහිර පළාත් නියෝජනය කරන ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී බස්නාහිර,වයඹ හා සබරගමුව යන පළාත් නියේජනය කරන ඇමතිවරුන් .තුන්දෙනෙකු ආණ්ඩුවෙන්ඉවත්වීමටද සාකච්ඡා කොට ඇතිබව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමගි කරවීමට පසුගිය කාලය පුරා සාකච්චා පැවැත්වූ මෙම ඇමතිවරුන්ට බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වී ඇතැයිද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment