අයවැයට දෙමළ ජාතික සන්ධානය සහය දීම ගැන තීරණයක නැහැ.

අයවැයට දෙමළ ජාතික සන්ධානය සහය දීම ගැන තීරණයක නැහැ.

 

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඉලංගෙයි තමිල්අරුසකච්චි මධ්‍යම කාරක සභා රැස්වීම වව්නියාවේ පෞද්ගලික හෝටලයක පැවති අතර ඉන් පසුව ඊයේ (12) රාත්‍රියේ එහි පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව අපි දීර්ග වශයෙන් අද අපේ පක්ෂ ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කළා. ඒක අතුරු වාර්ථාවක් පමණයි. එය කෙටුම්පත් කරලවත් නැහැ කියලා අපි අපේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කළා. ඊට අමතරව ඉදිරියේදී පලාත් පාලන ඡන්දයක් පැමිණීමට නියමිතයි ඒ නිසා අපි ඒ ගැන ඡන්දයට ඉදිරිපත්වෙන්නේ කොහොමද කියලත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

රජයෙන් මේ පාර ඉදිරිපත් කරල තියන අයවැය සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට ස්ථීර තීරණයක් තාම අරන් නැහැ. නමුත් අය වැයෙන් සංහිදියාව ගොඩනැගීමට සැලකිය යුතු මුදලක් වෙන් කරල තියන එක ගැන නම් අපි සෑහීමකට පත් වෙනවා පක්ෂයක් විදිහට.

ඊ.පී.ආර්.එල්,එෆ් පක්ෂය තනිවම මැතිවරණවලට ඉදිරිපත් වෙනවා කියලා දැන් කතාවක් යනවා. නමුත් මේ වන තුරු විපක්ෂ නායක තුමාට හෝ පක්ෂයට කිසිදු දැනුම් දීමක් කරල නැහැ. ලිඛිත හෝ වාචිකව ඉවත්වී වෙනම මැතිවරණයක් වෙනුවෙන් තරඟ කරනව කියලා එහෙම දැනුම් දීමක් ආවොත් තමයි අපි තීරණයක් ගන්නෙ' යනුවෙනි.

pooop

poop

 

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment