'ආණ්ඩුව පෙරලනවා' නැව් නියෝජිතායතනයක් අනතුරු අඟවයි.


දකුණු ආසියානු කලාපයේ වඩාත්ම නිදහස් ආර්ථිකය බවට ශ්‍රී ලංකාව පත් කරලීම සඳහා, නාවික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විවෘත කිරිමට මෙවර අයවැයෙන් ඉදිරිපත්කර ඇති යෝජනාව ක්‍රියාත්මක කළහොත් ආණඩුව පෙරලා දමන බවට නැව් කටයුතු පිලිබඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන නියෝජිතායතනයක් අනතුරු අඟවා සිටියි.

ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍ර ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම රජයේ ‘2025 දැක්ම’ යටතේ ප්‍රතිනැව්ගත කිරීමේ හැකියාව වර්ධනය කොට තරගකාරීත්ව වාසිය පවත්වාගෙන යෑමට කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන්හි ධාරිතාව වර්ධනය කිරීමට මෙවර අයවැයෙන් ආණ්ඩුව යෝජනා කර තිබේ.

මෙම යෝජනාවෙන් තම ඒකාධිකාරයට බලපෑමක් එල්ලවීම සම්බන්ධයෙන් කලබලයට පත් නැව් කටයුතු පිලිබඳ එම නියෝජිතායතනය මෙහෙයවන  ප්‍රමුඛපෙලේ සමාගම් දෙකක්,  වරාය අමාත්‍යවරයා හමුවී මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවට විරෝධය පළකර ඇත.

රාජපක්ෂලාගේ කළු සල්ලි ?

මෙම නැව් කටයුතු පිලිබඳ නියෝජිතායතනය මේවනවිට කැසිනෝ ව්‍යාපාරිකයින්ගේ ග්‍රහණය නතුව තිබෙන අතර ඊට මුදල් යොදා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂවරුන් බවට ජනාධිපතිවරයාට පවා සාධාරණ සැකයක් මතුව ඇත.

නාවික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විවෘත කිරිමට මුදල් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් ඉදිරිපත්කර ඇති යෝජනාවට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩනගන්නයි රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තම අනුගාමිකයින්ට උපදෙස් දී තිබීම එම සැකය වඩාත් තහවුරු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment