'ත්‍රිපෝෂ හිඟයක් නෑ' - ඇමති රාජිත

'ත්‍රිපෝෂ හිඟයක් නෑ' - ඇමති රාජිත

මෙරට ළදරුවන්ට සහ ගැබිනි මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ කඳානේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ නවීණ යන්ත්‍ර සූත්‍ර සවි කිරීමේ කටයුතු සිදුකෙරුණු පසුගිය මාස කිහිපය තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය අවම වී තිබුණත්, පැරණි යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු මීට දින 10කට පෙර ආරම්භ කර ඇති බවයි.

එම නිෂ්පාදනාගාරයේ නව යන්ත්‍ර සූත්‍ර සවිකිරීමේ කටයුතු මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය වනවිට අවසන් කිරීමට නියමිත බවත් අමෙරිකා ඉංජිනේරුවන් එය පරීක්ෂා කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු යළි අරඹන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment