බෙහෙත් ගන්න මාසයකට ඕස්ට්‍රේලියා යන්න යෝෂිතට අධිකරණයෙන් අවසර




වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම
සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (28)
අවසර ලබා දුන්නේය.

යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන කියා පාසල් කාලයේ සිට දක්ෂ ක්‍රීඩකයකු වන යෝෂිතගේ දණහිසටත් වළලුකරටත් හානි සිදුව ඇති බැවින් මේ වන විට එම රෝගී තත්ත්වය උග්‍රව ඇති බවයි.ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පවත්වන

ක්‍රීඩා වෛද්‍ය සායනයට යොමු වූ පසු විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ඔහුගේ රෝග තත්ව සනාථ කර ඇති බවයි.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය එකී ඉල්ලීමට විරුද්ධ වෙමින් ප්‍රකාශ කර
සිටියේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සැකකරු සම්බන්ධයෙන් ඇති නඩුවට අදාළ විමර්ශන සඳහා
ඔහුගේ සහාය ලැබි නොමැති බවත් ඔහු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතේ තවත්
විමර්ශනයන් පවතින බවත්ය. මෙම ආබාධය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබා ගැනීමට ඇති
නොහැකියාව සම්බන්ධයෙන් කරුණු දක්වා නොමැති බවයි.
 ව්‍යවස්ථාවෙන් වරදකරුවකු කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයකු වන නිසා මොහුගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම නිර්දේශ කළ හැකි බව මහාධිකරණ විනිසුරු තීරණය කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment