මෙරට පොලීසියට සහ අධිකරණයට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව යහපාලන රජයෙන් උදාකර දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය තාලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ රත්නපුර කරවිට ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරිය," වර්තමානයේ පොලිසියට, අධිකරණයට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව යහපාලන රජයෙන් උදාකර දී තිබෙනවා. නිදහස් රාජ්‍ය සේවයක් තියෙනවා. අපි බලන්නේ ඒ අය වැඩ කරනවාද කියලා විතරයි. ඇනලා කියන්නේ නැහැ ඔයා කළේ නැතිනම් මාරු කරනවා කියලා." යනුවෙන් කියාසිටියාය.
මෙම අවස්ථාවට කරවිට ජාතික පාසලේ විදුහල්පති එම්. බාලසූරිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.
0 comments :
Post a Comment