'පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයයි' - ඇමති කිරිඇල්ල

'පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයයි' - ඇමති කිරිඇල්ල

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාවය බොහෝ සෙයින් පැන නැගී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) මහනුවර, උඩුනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම හරහා විදෙස්ගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ මුදල් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment