බිරිඳට ඝාතනය කළ සැමියා වස පානය කර මරුට

බිරිඳට ඝාතනය කළ සැමියා වස පානය කර මරුට

කඹුරුපිටිය, ඉහළ විටියල උතුර ප්‍රදේශයේ වයස අවුරුදු 59ක පුද්ගලයෙක් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තමන් ද වස පානය කර මියගොස් තිබේ.

ඊයේ (13) සවස මියගිය අයගේ දරුවන් පාසල් ගොස් නිවසට පැමිණි අවස්ථාවේ දී ‍සිය මව මියගොස් සිටින ආකාරයත් පියා වස පානය කර පණ අදිමින් සිටින බවත් දැක ඇති බව වාර්තා වේ.

වස පානය කර තිබූ පියා ගිලන් රථයකින් කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු ද මිය ගොස් තිබේ.

දරුවන් 03දෙනෙකු සිටින මොවුන් දෙදෙනා නිරන්තරයෙන් ආරවුල් ඇතිකරගන්නා බවත් එවැනි පවුල් ආරවුලක් දුර දිගයාම හේතු කරගෙන මෙසේ බිරිඳ ඝාතනය කරන්නට ඇති බවටත් පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මාතර - කැලුම් බෝධිමාන 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment