ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විමර්ශන වාර්තාව ඉදිරි සති දෙකක ඇතුළත

ජනපති වෙබ් අඩවිය 'හැක් කිරීම': විමර්ශන වාර්තාව ඉදිරි සති දෙකක ඇතුළත

ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ වාර්තාවක් ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි.

ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියට අදාළ  තාක්ෂණික ගැටළු එම විමර්ශනයේදී සොයා බැලෙන බවත් විමර්ශනය අවසන් කළ වහාම එම වාර්තාව භාර දෙන බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ය.

අදාළ විමර්ශනය ඉදිරි සති දෙකක පමණ කාලය තුළ අවසන් කරන බව හෙතෙම සඳහන් කර තිබේ. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment