කොත්මලා ඔයට ජලය මුදාහැරේ - මහවැලි ගඟ අවධානම්

කොත්මලා ඔයට ජලය මුදාහැරේ - මහවැලි ගඟ අවධානම්

මේ දිනවල පවතින වියලි කාලගුණ තත්ත්වය යටතේ පහළ ප්‍රදේශවලට අවශ්‍ය ජලය සැපයීම සඳහා හෙට (14) සිට කොත්මලේ ජලාශයේ පතුල් බිහිදොර විවෘත කරන බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කරයි.

එම ජලය කොත්මලා ඔයට මුදාහැරෙන අතර ඒ හේතුවෙන් මහවැලි ගඟෙහි උලපනේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හරහා පොල්ගොල්ල දක්වා ප්‍රදේශයේවල ජල මට්ටම ඉහළ යා හැකි බවට මහවැලි අධිකාරිය අනතුරු අඟවයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහවැලි අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment