FCIDය වීරවංශගෙන් ප්‍රශ්න කරයි - අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?

FCIDය වීරවංශගෙන් ප්‍රශ්න කරයි - අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණ තිබේ. 

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ එම ඒකකයට කැඳවා ඇත.

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

කෙසේ වෙතත් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා අද දිනයේ අත්අඩංගුවට ගන්නා බවට දින කිහිපයකට පෙර සිටම විවිධ වෙබ් අඩවි හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment