ඊයේ (13) ත්රිකුණාමල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අතර එහිදී පැමිණ සිටි නිළධාරීන් කිහිපදෙනෙකු අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ නිලාවේලි - කෝබාලපුරම් මාර්ගයේ ඉදි කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදීයි.
ඊයේ ත්රිකුණාමල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී රැස්වූයේ එහි සභාපති විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සහ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අබ්දුල් මහරුෆ් මහතා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනි.
එහිදී අබ්දුල් මහරුෆ් මන්ත්රීවරයා විසින් නීලාවේලි - කෝබාලපුරම් මාර්ගයේ දෙපස ඇළ මාර්ගයක අවිධිමත් ඉදිකිරීම් කටයුත්තක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ගෙන් ප්රශ්න කර සිටියේය.
අදාළ ඇළ මාර්ගය සම්පුර්ණ කළහොත් ජල ගැලීම් ඇති විය හැකි බවට මාර්ග සංවර්ධන අධිකාරීය විසින් නිකුත් කළ වාර්තාවක් ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment