වත්මන් රජයේ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ ප්‍රධාන මැතිඇමතිවරුන්ගේ දස දෙනෙකුගේ නම් ඉදිරියේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (13) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ සඳහා සියල්ල සූදානම් කර ඇති බවත් ඒ අනුව යහපාලනයේ හොඳම හොරු දසදෙනා හෙට අනිද්දා හෙළි කරන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
බිලියන ගණනක වංචා සිදු කළ මැති ඇමතිවරු එහිදී හෙළිදරව් කරන බවද එහිදී ප්‍රමුඛතාව ලබා දෙමින් අගමැතිවරයාගෙන් අරඹන බවත් හෙතෙම සඳහන් කළේය.
අල්ලස් කොමිසම සැබවින්ම ස්වාධීන නම් මහ බැංකු අධිපති, අගමැති අල්ලස් කොමිසමට ගෙන්වා ප්‍රශ්න කරන්න යැයි තමා අභියෝග කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
0 comments :
Post a Comment