මිල අඩු කළ ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් මෙන්න

මිල අඩු කළ ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48ක මිල ගණන් අඩුකිරීමේ විශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ නිකුත් කෙරිණ. 

නව මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කිරීම සඳහා ලබා දෙන බෙහෙත්, කොලෙස්‌ටරෝල් රෝගය සඳහා ලබා දෙන බෙහෙත්,  හෘද රෝග වැළැක්‌වීම සඳහා ලබා දෙන බෙහෙත්, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන බෙහෙත්, වේදනා නාශක සහ ආසාදනයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග ඇතුළත් වේ.

බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනය යටතේ දක්‌වා ඇති බෙහෙත් වර්ගවල මිල ඉහල සීමාවන් එම බෙහෙත් වර්ගවල වෙළෙඳ හා ඖෂධීය නාමයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර මෙහි දක්‌වා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එම බෙහෙත් අලෙවි කිරීම තහනම් වෙයි.

එමෙන්ම උපලේඛනයෙහි දක්‌වා ඇති බෙහෙත් වර්ගවල නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් සෑම බෙහෙත් අලෙවි සලකම ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති අතර මෙම බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනයෙහි විධි විධාන උල්ලංඝනය කරනු ලබන නිෂ්පාදකයකු, අපනයනකරුවකු, වෙළෙන්දකු හෝ ඖෂධවේදියකු වෙතොත් ඔවුන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි 132 වැනි වගන්තිය යටතේ නඩු පැවරිය හැකි බවද සඳහන්ය.

පළමු පියවර යටතේ මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment