දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් කිරීම පෙරේදා (14) වවුනියාව නගරයේදි සිදුකරනු ලැබීය.
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සංවිධානය හා දෙමළ දේශපාලන සිකරුවන්ගේ ඥාතීන් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම පෙත්සමට අත්සන් කිරීම වව්නියාව නගර මධ්‍යයේදී සිදු විණි.
පෙත්සමට අත්සන් ලබාගැනීමේ අනතුරුව අදාළ පෙත්සම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු බව දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පැවසූහ.
දේශපාලන සිකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් පෙත්සමට අත්සන් කිරීම සදහා වන්නි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ප‍්‍රදේශවාසීන්ද සහභාගි වි සිටියහ.
වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment