‘ජනපති මෛත‍්‍රී සමග රහස් ගිවිසුමක්ද..’ දේශපාලන කුණාටුව මැද ගෝටා කතා කරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග රහස් ගිවිසුමක් ඇතැයි පැතිර යන වාර්තා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.

වර්තමාන ජනාධිපතිතුමාට රණවිරැවන්ව අධිකරණයට ගෙනඒම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම සතුටුදායකයි.. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියලා මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවීමෙන්..මේ සම්භන්දව ජනාධිපතිවරයා සහ මා අතර කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ.

‘අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන් ම.මක් නිසාද යත් , දගගෙට නියම වී සිටින්නේ අපි වෙනුවෙන් ජීවිත පරදුවට තියලා රට ගැන සිතා සටන් කළ රණවිරැවන්.ඔවුන් ආරක්ෂා කර ගැනීම අපි අපේ යුතුකමක් ලෙස සැමවිටම සළකමු.

පැහැදිලිවම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය රහස් පොලීසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය දේශපාලන අවශ්‍යතා වලින් බැහැරව ස්වාධීන නෛතික රාමුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදය , භෞමික අකණ්ඩතාවය හා රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා වන අයුරින් ක්‍රියාත්මක විය යුතු බව මාගේ දැඩි ස්ථාවරයයි.

– Gotabaya FB
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment