ලසන්තගේ මරණය ගැන කියා දිවිනසා ගත් නිලධාරියා ගැන පොලීසියට ප්‍රශ්න රැසක්

ලසන්තගේ මරණය ගැන කියා දිවිනසා ගත් නිලධාරියා ගැන පොලීසියට ප්‍රශ්න රැසක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සියදිවි හානි කරගත් යුද හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සී.අයි.ඩිය විසින් පරික්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසුවේය.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස්ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේදීයි.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ “ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කෙරෙනවා. ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරික්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියනවා. එයා එහෙම දෙයක් කිව්වේ ඇයි ගොඩාක් දේවල් හොයන්න තියනවා. ඒ ප්‍රදේශයේ වගේම ඔහුට පෞද්ගලික හේතූන් තියෙනවද රාජාකාරී හේතූන් තියනවද නැත්තම් මානසික පීඩනයක්ද නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. මේ හැම දෙයක්ම බලන්න වෙනවා එයා කිව්ව පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරික්ෂණයක් ආරම්භ කරල තියනවා.

යාපනයේ කොඩිකාමම් පොලිස් ස්ථානය තුළදී මීට වසර කීපයකට ඉහතදී දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව 11 දෙනෙකුව 14 දා අත් අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ වැරැද්දක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට වඩා වැදගත් වන්නේ වරදේ ස්වභාවය බවයි.

ඕනෑම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබදව ඔහුට එරෙහිව සාක්කි ඇත්නම් ඔහුව අත් අඩංගුවට ගැනීම පොලීසියේ වගකීම බවද පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා වැඩි දුරටත් වවුනියාවේදී කියා සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment