ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ මුලිකත්වයෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ඇඹිලිපිටිය මුලික රෝහලේදී පැවැත්විණි.
එහිදී චතුරිකා සිරිසේන මහත්මියගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ ධානපතියකු වන දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාගේ අනුග්‍රහයෙන් ඇඹිලිපිටිය මුලික රෝහලට අවශ්‍ය ඇඳන් තොගයක් පරිත්‍යාග කිරීමක්ද සිදුකෙරිණි.
මෙහිදී රෝහලට ලබා දුන් ඇදන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන අතර රෝහලේ පවතින අනෙකුත් අඩු පාඩු පිළිබඳවද චතුරිකා මහත්මිය සොයා බලනු ලැබූ අතර ඉදිරියේදී එම ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පවසා සිටියාය.
0 comments :
Post a Comment