එල්ලී මැරුණේ ලසන්ත ඝාතකයාද?

එල්ලී මැරුණේ ලසන්ත ඝාතකයාද?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් විසින් බව කියමින් ලිපියක්‌ ලියා තබා කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බුද්ධි අංශ යුද හමුදා සැරයන්වරයකු ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම විශ්‍රාමික බුද්ධි අංශ සාමාජිකයා සියදිවි හානිකර ගත්තේ ද එසේත් නැත්නම් කිසියම් පිරිසක්‌ ඔහු ඝාතනය කළේ ද යන්න පිළිබඳව ද සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සාජන් මේජර්වරයාට සියදිවි හානිකර ගැනීමට සාධාරණ හේතුවක්‌ තිබුණේ ද යන්න පිළිබඳව මෙතෙක්‌ හෙළි වී නැත.

කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගෙල වැලලාගෙන මියගිය ජයමාන්න නමැති විශ්‍රාමික සාජන් මේජර්වරයා තිදරු පියෙකි. මොහුගේ බිරිඳ මීට වසර කීපයකට උඩදී විදේශ රැකියාවකට ගොස්‌ ඇති අතර මොහු දරුවන් තිදෙනා ද සමඟ මෙම නිවසේ ජීවත් වී ඇත.

මිය යෑමට පෙර ජයමාන්න මහතා විසින් ලියූ බව කියන ලිපිය සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ. මෙම ලිපියේ ඇති අත් අකුරු තම පියාගේ අකුරුවලට සමාන බව ඔහුගේ පුත්‍රයා විසින් හඳුනාගෙන ඇති බවද පොලිස්‌ ආරංචි මාර්ග පැවසී ය.

අබිරහස්‌ අන්දමින් මියගොස්‌ ඇති බුද්ධි අංශ සාමාජිකයාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දහදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ද ලබාගෙන තිබේ.

කෑගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment