නීතිය සා සාමය පිළිබද අමාත්‍ය,අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායක මහතා වහාම ඉවත් කිරිමට කටයුතු කිරිම හරහා පමණක් පොලිසීය ස්වාධිනව පවත්වා ගැනිමට හැකියාව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර ජනාධිපතිවරයා හමුවි ප්‍රකාශයක් කර ඇති අතර ඒ අනුව නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය සාගලගෙන් ගලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ අමාත්‍යවරයෙකුට ලබාදිම සම්බන්ධයෙන් අවධාණය යොමුවි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ඊයේ ජනාධිපතිවරයා කල ප්‍රකාශයද පදනම් වුයේ පොලිස්පති පුජිත් ජයසුන්දර සමග පැය 5කට වඩා කාලයක් පැවැති සාකච්ඡාවක් බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන CID සහ පොලිසියත් අගමැතිවරයාගේ නියෝග මත මෙහෙයවෙන අල්ලස් හා දුෂණ කොමිසම භාවිතා කරමින් සම්පුර්ණයෙන්ම දේශපාලනික්ව පලිගැනිම සදහා භාවිතා කරමින් සිටින බවත් තමන්ට පොලිස්පතිවරයා ලෙස නමට පමණක් තනතුරක් දි ඇති බවද පුජිත ජනාධිපතිවරයා හමුවේ අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී ජනාධිපතිවරයා පාර්ශවය නියෝජනය කරන අමාත්‍යවරුන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වු දුෂණ චොදන හා මුල්‍ය චොදනා සහිතව ලිපි ගොනු රැසක් FCID යට අග්‍රමාත්‍ය කර්යාලය හරහා එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශණය කිරිමට අදාළව වෙනම නිළධාරින් කණ්ඩායමක්ද අගමැතිවරයාගේ නියෝග මත යොදවා ඇති බවයි පොලිස්පතිවරයා අනාවරණය කර ඇත්තේ.
අමාත්‍යවරයාගේ වෙනසක් සිදු කිරිමට ජනාධිපතිවරයා එකඟ වු බවත් එවැනි අවස්ථාවක් උදාවුවහොත් ඊට විරුද්ධව යම් කණ්ඩායමක් ක්‍රියාත්මක විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතේ සහ දකුණු පළාතේ සියළුම පොලිස් ඒකක සක්‍රිය තත්වයට (Alert) පත් කරන ලෙස පොලිස්පතිවරයා පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ට නියෝග කර ඇති අතර නිවාඩු ගිය නිලධාරීන් පවා වහා රාජකාරියට කැදවා තිබේ.
රනිල් –මෛත්‍රී සීතල යුද්ධය …..
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික් පක්ෂය අතර ඇතිකරගත් එකගතාවන් බිදදමමින් ජාතික ආණ්ඩුවේ ඇතිව ඇති කැළඹීම පිළිබඳව වහාම සාකච්ඡා කිරිම සදහා අවශ්‍ය බව දන්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එවු පණිවිඩ සියල්ලම එක හෙලාම ප්‍රතිකේෂ්ප කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතික ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව බරපතල ලෙස බිඳවැටී ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
අද දිනය තුල ජනාධිපතිවරයා හමුවිම සදහ අගමැතිවරයා ගත් උත්සහයන් සියල්ලම ජනාධිපතිගේ නියෝග මත එම හමුවිම් සියල්ලම ප්‍රතිකේෂ්ප කිරිමට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයා කටයුතු කර තිබේ.
පුජිත සහ සාගල අතර ගැටුම
වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න රාජිතගේ පෞද්ගලික ලේකම්වරයාට සහ රාජිතගේ බිරිද සම්බන්ධයෙන් ඇති සියලුම චොදනා පිළිබඳව ඉක්මන් වාර්තාවක් තමන් අතට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සාගල රත්නායක පොලිස්පති පුජිත් ජයසුන්දරට නියෝග කර තිබුනද සිරිසේනගේ පදයට නටන පොලිස්පති එම නියෝග සියල්ලම හීන් සිරුවේ ඉවත දැමිමට කටයුතු කල අතර ඒ හරහා පුජිත-සාගල -රනිල් අතර අර්බුදයක් හටගත්තා.
සිරිසේන ජනාධිපතිවරයාගේ පක්ෂයේ උවමනාවන් වෙනුවෙන් සහ අපරාධ කිහිපයකම සාක්ෂි වෙනතක යැවිමට කප්පම් ගැනිම් පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබි ඇති පැමිණිලි හේතුවෙන් රනිල්-පුජිත සීතල යුද්ධයක් ආරම්භ වි ඇති බව අප මිට පෙර වාර්තා කළා.
FCID හරහා සිදුකරන ඇතැම් පරික්ෂණ වලදි පොලිස්පතිවරයා සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත කටයුතු කිරිම සහ පසුගිය මාසයක් පමණ කාලය තුල වේගයෙන් රටතුල අපරාධ ඉහල යෑම මෙන්ම සුදුවැන් යොදවා ගනිමින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරිම මෙන්ම මාධ්‍ය ඉදිරියේ නීතිය සම්බන්ධයෙන් කල ඇතැම් ප්‍රකාශ පුජිත සම්බන්ධයෙන් අගමැතිවරයාගේ විශ්වාසය පළුදු විමට මුලිකවම බලපා තිබේ.
සම්පුර්ණ අනාවරණය- සිරිසේනට දෙන්න ගිය පුජිතට රනිල්ගෙන් පයින් පහරක්
එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන ප්‍රා නායක පාඨ්ලීගේ ගෝලයා වන පොලිස්පති පූජිත් ජයසුන්දර ඌරාගේ මාලූ ඌරාගේ පිටේම කපා දැමිමේ තියරියට මේ සතියේ ලක්කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්රමුඛ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති අතර පුජිත ඉදිරියේම පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව විමසිමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.
පසුගිය කෙටි කාලය තුල රනිල්ගේ සමිපතමයා වන නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අපහසුතාවට ලක්වන අන්දමේ කටයුතු උවමනාවෙන්ම කිරිම සහ නීතිය ක්‍රියාත්මක කිරිමේදි අගමැති සහ විෂය භාර ඇමතිවරයාගේ නියෝග පිලිනොගැනිම පිළිබඳව පොලිස්පති සහ අගමැති-ඇමති අතර ගැටුමක් හටගත්තා.
සම්පුර්ණ අනාවරණය- පුජිතගේ මාලු පුජිතගේම ඇගේ කපයි,පුජිතට ගෙමක් දෙන්න රනිල්,සාගල මෙහෙයුමක්!
එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇත්තේ.
වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්තයවරයා ලෙස තමන් කිසිසේත්ම සැහැහිමකට පත් නොවන බව සාගල රත්නායක පුල පුලා පවසා තිබේ.
සම්පුර්ණ අනාවරණය- පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් අගමැතිවරයාක් කිසිදු මැදිහත් විමක් නොකල බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව මූල්‍ය සිද්ධියකට අදාලව අභූත චෝදනා නගා “සැක පිට” පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැනිමත් සමග අගමැති වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට එහි අප්‍රසාදය එල්ල වෙමින් තිබේන අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායක අගමැති වික්‍රමසිංහ සමග පෙරේදා රාත්‍රීයේ කල සාකච්ඡාවකදි ඔහු අනාවරණය කර ඇත්තේ …
සම්පුර්ණ අනාවරණය- නාමල් වහාම අත් අඩංගුවට ගන්න නියෝග දුන්නේ ජනපති,පොලිස්පති අගමැතිට කියයි
උපුටා ගැනීම : Lanka News Web Today
0 comments :
Post a Comment