කිරුළපන දැරිය ඝාතකයාට මරණ දඬුවම

කිරුළපන දැරිය ඝාතකයාට මරණ දඬුවම

කිරුළපන සිද්ධාර්ථ මාවතේ දී 2012 වසරේ ජූනි 30 වැනිදා සය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කර මරා දැමූ 23 හැවිරිදි රවීන්ද්‍රන් සුරේන්ද්‍රන් හෙවත් බෝලේට මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (25) නියෝග කළාය.

පැමිණිල්ල විසින් සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති නිසා විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව විනිසුරුවරිය කියා සිටියාය.

මේ අතර නඩුවට සම්බන්ධ බවට නීතිපතිවරයා මීට පෙර නම් කර තිබූ තවත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කර නිදහස් කිරීමට ද අධිකරණය තීන්දු කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment