එක්සත් ජාතික පක්‍සය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සාකච්චා වෙමින් ඇති බව එජාපයට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා ඔස්සේ වාර්තා කර ඇත.
හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම ගැන තමන් දැඩි විරෝධය පල කරන බවටත් CID FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවටත් ජනාධිපතිවරයා විසින් පැවසීමත් සමග දුෂිතයින්ට දඩුවම් දෙන්නේ යයි ඔහු ලද ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ යයි පවසමින් අදාල දෝෂාභියෝගය ගෙන ඒමට සැරසෙන්නේ යයිද එම වාර්තා වල දැක්වෙයි.
මේ අතර ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා දේශපාලන පලිගැනීම්වලට එරෙහිව සෘජුව කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ පූර්ණ සහාය හිමිවන බවයි.
මේ තත්වය මත දෝෂාභියෝගයක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සතු මන්ත‍්‍රී ධුර හා දෙමල සන්ධාන ජවිපෙ මන්ත‍්‍රී ධුර එකතුවද ප‍්‍රමාණවත් නොවෙන අතර ඒකාබද්ද විපක්‍ෂ සහයෝගය අත්‍යවශ්‍ය වෙයි.
කෙසේ වෙතත් මෙම විශ්වස භංග යෝජනාව ගැන එජාපයේ කිසිදු ප‍්‍රධානියෙක් මේ දක්වා කිසිදු සදහනක් කර නැත. ඇතැම් විට දෝෂාභියෝග තර්ජනය එල්ල කරමින් ජනාධිපතිවරයා පාලනය කිරීමට ගන්නා උත්සාහයක් වන්නටද හැකිය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment