කොළඹ ජාතික රෝහලට පොලීසියෙන් රැගෙන එන මළසිරුරු බාර ගැනීම තාවකාලිකව නතර කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් කොළඹ සියලුම පොලීසිවලට දන්වා ඇතැයි ඔහු සඳහන් කරයි.
එසේ ගෙන එන සිරුරු මාස ගණනක් තිස්සේ මෘත ශරිරාගාරයේ තැබීමෙන් එහි තදබදයක් හා දුර්ගන්ධයක් ඇති වී අවට පරිසරයට බලවත් හානි සිදු වන බව ද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.
0 comments :
Post a Comment