ජනපතිගේ ප්‍රකාශය ගැන පොලිස්පති කී දේ

ජනපතිගේ ප්‍රකාශය ගැන පොලිස්පති කී දේ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් හා ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිතුමන් කළ ප්‍රකාශය පිළිබදව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස්ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේදීයි.

පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් විමසූයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් හා ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සමග දේශපාලනික මැදිහත් වීමක් ඇත්දැයි යන්න විමසීමේදී “මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකිය..“ යන්නයි.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment