ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් 2016 සමුළුවේ දෙවන දිනය වන අද(16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික්‍රම ප්‍රකාශ කළේය.
බ්‍රික්ස් - බිම්ස්ටෙක් තාක්ෂනික සමුළුවද අද පැවැත්වේ.
ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙනි.
ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා මෙම සමුළුව ඉන්දියාවේ ගෝවාහිදී පැවැත් වේ.
ඉන්දියාව, චීනය, රුසියාව, බ‍්‍රසීලය, දකුණු අප‍්‍රිකාව යන නැගී එන ලෝක ආර්ථික පස් වන බලවතුන්ගේ සහ බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව යන බිම්ස්ටෙක් (BRICS) රාජ්‍යයන් ඇතුළු ඇෆ්ගනිස්ථානය මාලදිවයින් රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
0 comments :
Post a Comment