2008 වසරේදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පහර දීමට පැමිණි කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් පලා යන විටදී අසල ළිඳකට දමා ගිය ආයුධ රැසක් අවස්ථා දෙකකදී ගොඩට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
පළමුව පසුගිය 14 වැනි දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය අසල පිහිටි ඉඩමක සාමන්‍යවැසියෙකු වසර ගණනාවකට පසුව සිය ගෙවත්ත එලි පෙහෙලි කිරීමට ගිය අවස්ථාවේදී ගෙවත්තේ ළිඳේ වතුර ඉවත් කළ අවස්ථාවේදී ආයුධ කිහිපයක් පළමුව හමු වී ඇති අතර පසුව ඒ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව අධිකරණ නියෝගයකින් වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (15) දෙවන වරටත් ආයුධ රැසක් ළිඳ තුල තිබියදී සොයාගෙන ඇත.
මෙසේ හමු වූ ආයුධ අතර කොටි සංවිධානය භාවිතා කරන ලද කිලෝ 12 ක් බරැති ක්ලේමෝ බෝම්බ 03 ක්, පැරා බෝම්බ 8 ක්, දුම් බොම්බ 10 ක්, පීඩණ බෝම්බ 01, ජොනී බට්ටන් 08 ක්, බෝම්බ ඩෙටනේටර් 214 ක්, එම්.පී.එම්.ජී පතුරම් උණ්ඩ 192 ක්, අයි.එම්.අයි. පිස්තෝල පතුරම් 21 ක් ආදි වශයෙන් හමු වී ඇත.
මෙසේ ගොඩ ගන්නා ලද ආයුධ තොගය නිෂ්ක්‍රීය කිරීමටද වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
0 comments :
Post a Comment