වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් මත වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර අද (14) අත්සන් කීරිමට නියමිත අවබෝධතා ගිවිසුමට අත්සන් නොකර සිටීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු පැවසීය.
දිනකට රුපියල් 1,000ක වැටුපක් ඉල්ලා වතුකම්කරුවන් පුරා දින 12ක් වැඩ වර්ජනය කරමින් දිවයිනේ තැන් කිහිපයක උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවිය.
පසුව වතුහාම්පුතුන්ගේ සංගමය දිනකට රුපියල් 730 බැගින් දින 06ක් ලබා දීමටත් සෙසු දිනට නෙලන තේ දළු කිලෝවකට රුපියල් 35 බැගින් ලබා දීමටත් යෝජනා කර තිබේ.
මාස 18ක් හිඟ වැටුප් නොමැතිව මෙම වැටුප ගෙවීමට ඔවුන් මීට පෙර යෝජනා කර තිබුණි.
එහෙත් වතු හාම්පුතුන්ගේ සංගමය අනෙක් දිනවලදී නෙලන තේ දළු කිලෝවකට රුපියල් තිස්පහක් ලබා දෙන බවට පොරොන්දු වී එය අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුමට රුපියල් 20ක මුදලක් ලබා දෙන බවට අවසානයේ යෝජනා කර ඇති නිසා එම අවබෝධතා ගිවිසුමට අත්සන් නොකර සිටිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය අද පස්වරුවේ කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා මේ පිළිබදව ජනතාව දැනුවත් කරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 comments :
Post a Comment