සරසවි සිසුන්ට වෙඩි වැදුන තැන තිබී පතුරම් කොපුවක් හමුවෙයි (PHOTOS)

සරසවි සිසුන්ට වෙඩි වැදුන තැන තිබී පතුරම් කොපුවක් හමුවෙයි (PHOTOS)

පසුගිය 20 වැනිදා යාපනය කොකුවිල්, කුලප්පිඩ්ඩි මංසන්ධියේදී මියගිය සරසවි සිසුන් දෙදෙනාට වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී.56 වර්ගයේ පතුරම් කොපුවක් හමුවී තිබේ.

ඒ, අද (26) රහස් පොලීසිය විසින් ඒ අවට කරන ලද සෝදිසි කිරීම් වලදීය.

සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අද දිනයේදී අදාළ සිසුන් දෙදෙනාට වෙඩි ප්‍රහාරය එල්ල වු බවට සැක කෙරෙන ස්ථානයට රැගෙන ඒමෙන් පසුව එහි සිදු කරන ලද සෝදිසි කිරීමකදී එම පතුරම් කොපුය හමුවූ බව රහස් පොලීසිය කියයි.

මේ වන විට අදාල සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසියෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අදාල ස්ථානයට රැගෙන එන අවස්ථාවේදී පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව ද සපයා තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන්දෙ 05දෙනා ලබන නොවැම්බර් 04 දා දක්වා බන්ධනාගාර ගත කර ඇත.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment