ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකය ඉදිකිරීම උදෙසා එයට ආධාර පිණිස යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ කරන ලද Trail 2016 md .uk wo (14) වව්නියාවෙන් ගමන් ආරම්භ කොට මැදවච්චිය දක්වා ගමන් කළේය.
කරාපිටියි ශික්ෂණ රෝහලේ නව පිලිකා ඒකකයක් ඉදිකිරීමට සඳහා රුපියල් මිලියන 735ක මුදලක් වැය වන අතර මේ වනවිටත් රුපියල් මිලියන 220කට අධික මුදලක් එක් රැස් වී තිබේ.
යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ වූ මෙම පා ගමන දින 28ක් පුරා කිලෝමීටර් 670ක් ආවරණය කරමින් දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරමින් ආධාර රැස්කිරිමට නියමිතය.
මෙම පා ගමන වෙනුවෙන් සුපිරි ක්රිකට් ක්රීඩකයෙකු මෙන්ම Trail 2016 පා ගමනේ සන්නාම තානාපතිවරයෙකු වන මහේල ජයවර්ධන මහතා ද එක්ව සිටී.
පා ගමනට ආධාර ලබාදීමට දායකවන්නන්ට පහත සඳහන් වෙඩ් අඩවි ඔස්සේ සහ මුහුණු පොත ඔස්සේ තොරතුරු ලබාගෙන ආධාර ලබාදීමට හැකිය.
http://ift.tt/2e2jO4M
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment