ඊයේ (13) පෙරවරුවේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
වරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පෙරවරවේ පැවැත්වුණේ එහි සම සභාපතිවරුන්වන කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැදිගම ආසනයේ සංවිධායක කීර්තිසිරි විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඔවුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කළ අවස්ථාවේදී කීර්ති සිරි විජේතුංග මහතා සභාව වෙනත් දිනකට කල් තැබිය යුතු බව පවසමින් බාධා කර ඇති අතර ඔහු වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයාට පවසා ඇත්තේ තමන්ට හෙට දිනයේ කොළඹ මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා අද දිනයේදී කොළඹ යාමට නියමිත බැවින් කමිටු රැස්වීම කල්දමන ලෙසයි.
එම අවස්ථාවේදී ඔහු භික්ෂූන් වහන්සේලා සහ අමාත්‍යවරයා ඉදිරියේ මේසයක් මතට නැග එහි අසුන්ගෙන අශෝභන අයුරින් රැස්වීම පැවැත්වීමට සිය විරෝධය පළ කළේය.
පසුව අමාත්‍යවරයා ප්රමුඛ නිලධාරීන් එම ස්ථානයෙන් විසිර ගොස් තිබේ.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment