'මගේ එකවුන්ට් එක හොයාගත්තා නම් ඉවරයිනේ' - මහින්ද (VIDEO)

'මගේ එකවුන්ට් එක හොයාගත්තා නම් ඉවරයිනේ' - මහින්ද (VIDEO)

තමන් විසින් සොරකම් කර විදේශවල සඟවා ඇතැයි කියන ඩොලර් බිලියන 18ක මුදල සොයාගෙන විත් මෙරට අසරණ රෝගීන් ඇතුළුව සියළු ජනතාවට පනවා ඇති වැට් බද්ද අඩු කර දමන්නැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

කිසිවෙකු විසින් තමන් එසේ සඟවා ඇතැයි කියන මුදල් සොයා ගතහොත් ඒ සියල්ල රජයට ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියාසිටියේ ," අපි බොහෝම පැහැදිලිව කියනවා මේ වැට් එකෙන් ජනතාවට ඉතාම දරුණු ලෙස පහර වදිනවා. ලෙඩ්ඩුන්ගෙන් මේ ටැක්ස් අය කරන්න ඕන නෑ. එයාලා අවුරුදු එක හමාරක් හොයපු මගේ එකවුන්ට් එක හොයාගත්ත නම් ඒත් ඉවරයිනේ. ඔය කියන අය අමෙරිකන් ඩොලර් බිලියන 18 තියෙන තැනක් හොයලා දෙනවා නම්, මම ලියලා දෙනවා කරුණාකරලා  මේ ටැක්ස් එක අඩු කරලා ලෙඩ්ඩුන්ට, රටට සහනයක් දීලා ඒ බිලියන 18ම ආණ්ඩුව ගන්න කියලා" ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චෝදනා කළ පරිදි අල්ලස් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ බවයි.

 

එම ප්‍රකාශයද පසුගිය මැතිවරණ කාලයේදී රාජිත සේනාරත්න මහතා කියූ බොරුවලට සමාන තවත් එක්‌ අමූලික බොරුවක්‌ බව ද ඔහු කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment