හම්බන්තොට වරාය - ගුවන්තොටුපල මුල්කරගෙන China Town එකක්


හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ කේන්ද්‍ර ගත කර ගනිමින් චීන ආයෝජකයන්ගේ කර්මාන්තශාලා 150ක් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
හෙක්ටයාර 1500ක භූමි භාගයක මේ කර්මාන්තපුර ඉදි කෙරෙන බව පැවසු ඇමැතිවරයා,

මේ මඟින් දස දහස් ගණනකට රැකියා උත්පාදනය වනු ඇතැයි ද සඳහන් කළේය.
රැකියා මිලියනයක් සපුරා ලීමේ ඉලක්කයට මේ කර්මාන්තපුර විශාල පිටුබලයක් වන බව පෙන්වා දුන් ඇමැතිවරයා, මේ හා සමගාමීව මාතර රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කටයුතු කරන බවද කීය.

මාතර රැකියා පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබා හම්බන්තොට රැකියා කලාපයේ රැකියා ලබා ගැන්මට ඌව, නැ‍ඟෙනහිර මෙන්ම දකුණු පළාත් වැසියන්ට හැකි වන බවද ඇමැතිවරයා කියා සිටියේය.

විද්‍යානුකූල පාරිසරික ඇගැයීම් වාර්තාවක් අනුව ඉදිකරන බස්නාහිර පළාත් ගුවන් හා සමුද්‍ර සංවර්ධන නගරය (Port City) මඟින් රැකියා අවස්ථා ලක්ෂ 2ක් පමණ උත්පාදනය වන බවත් ද නව කර්මාන්ත හා නවෝත්පාදන අවස්ථා දහස් ගණනක් බිහි වන බවද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment