ලබන 1 වනදා සිට කහ ඉරි සුදු ඉරි බවට හැරේ


පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව  වාර්තා වේ.

ඒ අනුව,

එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.

ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිදුවනු ඇති බවයි.
( නිදර්ශනී වික්‍රමසිංහ - ada.lk )
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment