මොලේ උණ අවධානමක් නෑ - මාධ්‍ය වාර්තා අසත්‍යයි

මොලේ උණ අවධානමක් නෑ - මාධ්‍ය වාර්තා අසත්‍යයි

කොළඹ නගරය අවටින් ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොලේ උණ වසංගත තත්ත්වයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මොලේ උණ රෝගය ඇති කළ හැකි කුඩා මදුරුවෙකු කොළඹ නගරය තුළ සැරිසරන බවට පසුගිය දිනවල අසත්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව අද (21) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කර සිටියේය.

එම මදුරු වාහකයා පිළිබඳව කීට විද්‍යා පරීක්ෂණ ඒකකය මගින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මොලේ උණ රෝගය මීට වසර 25කට පෙර අනුරාධපුරයෙන් වාර්තා වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ එන්නත් වැඩසටහනකින් අනතුරුව එය තුරන් කිරීමට හැකිවී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment