බන්දු කොපි කළ බිංදුට චෝදනා


ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ චරිතය අනුකරණය කරමින් රංගනයේ යෙදුණු බව කියන රංගන ශිල්පී බිංදු බෝතලේගම මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (21) කොළඹ
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය


හමුවේ චෝදනා පත‍්‍රයක් ගොනු කර තිබේ.

බිංදු බෝතලේගම රංගන ශිල්පියා ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ චරිතය අනුකරණය කරමින් චිත‍්‍රපට කිහිපයක රඟපා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එමගින් බන්දු සමරසිංහ රංගන ශිල්පියාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවට අධිකරණය හමුවේ ප‍්‍රකාශ වී තිබේ.

සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරී මස 14 වන දින යළි කැඳවීමට නියමිත අතර බිංදු බෝතලේගම රංගන ශිල්පියා යොදා ගනිමින් චිත‍්‍රපට නිෂ්පාදනය කළ නිෂ්පාදකයින් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකුට මීළග දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment