අවම දඩ මුදල 25,000 දක්වා වැඩි වූ රථ වාහන වැරදි මෙන්න

අවම දඩ මුදල 25,000 දක්වා වැඩි වූ රථ වාහන වැරදි මෙන්න

බීමත්ව රිය පැදවීම, අධික වේගය ඇතුළු රථ වාහන වැරදි 06ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අද (21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මෙම මාර්ග නීති 06 කඩ කළවිට ලැබෙන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩිකිරීමේ ගැටළුවක් නොමැති බවයි.

එම මාර්ග නීති කඩකිරීම් පහතින්

1. රක්ෂණාවරණයක් නොමැති වාහනයක් ධාවනය කිරීම.

2. රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.

3. බීමත්ව රිය ධාවනය කිරීම.

4. වමෙන් ඉස්සර කිරීම.

5. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.

6. දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment