අැමති ධුර අත්හැරීමට මෙන්ම දැඩි කලකිරීමට පත්ව ඇති රාජ්‍ය ඇමැතිවරු 7 දෙනා මෙන්න…

තමන්ට ලැබිය යුතු නිසි වගකීම් හා කාර්යයන් මෙතෙක් පවරා නොතිබිම හේතුවෙන් යහපාලන ජාතික රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හත් දෙනකු දැඩි කලකිරීමකට පත්ව තිබේ.

ඉන් කිහිප දෙනකු රාජ්‍ය අමාත්‍ය ධුර අත්හැරීමටද තීරණය කර ඇති අතර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය සතියේදී සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනධිපතිවරයාවට දැනුම් දී තිබේ.


ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ‍ලේකම්වරයා සහ අමාත්‍යාංශ ‍ලේකම්වරයා සම්බන්ධ කර ගනිමින් එම ගැටලුව විසඳන බවට ‍පොරොන්දු වී තිබේ.


මෙයට අමතරව එක්සත් ජාතික පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, දිලිප් වෙදආරච්චි, චම්පිකා ප්‍රේමදාස, වී. රාධාක්‍රිෂ්ණන්, විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් තමන්ට වගකීම් ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර තිබේ.


අවස්ථා ගණනාවකදී ජාතික රජයේ නායකයන් මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් මෙතෙක් විසඳුමක් නොලැබිම හේතුවෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙම පිරිසෙන් අමාත්‍යවරු තිදෙනෙක් හෙළි කර තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment