ලංකාවේ හෙල්මට්වල ලොකු අවුලක්?

ලංකාවේ හෙල්මට්වල ලොකු අවුලක්?

වෙළෙඳපොළේ අලෙවි කරන යතුරුපැදි හිස්වැසුම් (හෙල්මට්) ප්‍රමිතියකින් තොර බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙරට හෙල්මට් නිෂ්පාදනය කරන කිසිදු ආයතනයක් මෙතෙක් ප්‍රමිති සහතිකය ලබාගෙන නොමැති බවත් 2016 සැප්තැම්බර් 01 දින සිට හෙල්මට් සඳහා එස්.එල්.එස්. සහතිකය ලබා ගත යුතු බවට නියමයක් කර තිබෙන බවත් ප්‍රමිති ආයතනය පැවසී ය.

හෙල්මට් ප්‍රමිතියට අනුකූලව තිබේනම් එස්.එල්.එස්. සහතිකය ඔවුන්ට ලබාදෙන බවත් දැනට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති සමාගම්වල හිස් වැසුම් නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය තවදුරටත් පරීක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ගාමිණි ධර්මවර්ධන මහතා සඳහන් කළේය.

හිස්වැසුම් ප්‍රමිතියකින් නිපදවීම සඳහා දැනටමත් ආයතනවලින් අයැදුම්පත් 10ක් පමණ ලැබී තිබෙන බවත් එක් ආයතනයක නිෂ්පාදන පිළිබඳ අවසන් පරීක්‍ෂණ පවත්වා ඒ සඳහා සහතිකයක් ලබාදීමට හැකියාවක් ඇති බවත් අනෙක් ආයතන පිළිබඳ පරීක්‍ෂණ කරගෙන යන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment