ඇමති රාජිතගෙන් ලෝක බලවතුන්ට චෝදනා

ඇමති රාජිතගෙන් ලෝක බලවතුන්ට චෝදනා

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ලෝක බලවතුන් පලස්තීනයට සාධාරණය ඉයු නොකරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගීතා දින උත්සවයේදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපේ රටේ සිටි සියළුම දේශපාලන පක්ෂ පලස්තීන්ය සමඟ සහයෝගීව කටයුතු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් විශාල සේවාවක් ඉටුකළා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පලස්තීන නිදහස් අරගලය වෙනුවෙන් සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. වෙන කිසිවෙක් සඳහා සහයෝගය ලබාදීමට රජය තීරණය කර නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන සහයෝගීතාවය වෙනුවෙන් යෝජනා 120ක් කර ගත්තත් බලගතු රාජ්‍ය එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැහැ. වෙනත් රාජ්‍යයන් සිය ජාතික දින සැමරුවත් පලස්තීනුවන්ට සැමරීමට සිදුව ඇත්තේ අන්තර්ජාතික සහයෝගීතා දිනයක් පමණයි. ලෝක බලවතුන් සමඟ යුදෙව්වාදය ඉදිරියට යනවා. පලස්තීනුවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රටවල් 136ක් සහයෝගය ලබාදී තිබෙනවා. ලෝක නායකයින් ද පලස්තීනය වෙනුවෙන් සිය මතය ප්‍රකාශයට පත්කර අැති අතර, ඊශ්‍රායලය සිටින යුධ නායකයන් ද සිය මතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහෙත් ලෝක නායකයින්ට පලස්තීනයට සාධාරණත්වය ඉටු කිරීමට නොහැකි වීම කණගාටුවක්" යනුවෙන් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment