අර්ජුන්ගේ බෑනාගේ සමාගම ගැන මහ බැංකුවේ මූලික පරීක්ෂණ අවසන්

අර්ජුන්ගේ බෑනාගේ සමාගම ගැන මහ බැංකුවේ මූලික පරීක්ෂණ අවසන්

මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය සිදුකළ මූලික මට්ටමේ පරීක්ෂණය අවසන් බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූයේ අද (28) මහ බැංකු පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

කෙසේ වෙතත් දැනට පවතින නීතිමය කටයුතු හේතුවෙන් තමන්ට මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

"මට සඳහන් කරන්න පුළුවන් වෙන්නෙ මේ පර්පචුවල් සමාගම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය යම් ක්‍රියාමාර්ග ගත්තා කියලා විතරයි. දැනට නීතිමය කාරණාවක් පවතින නිසා වගේම වෙළෙඳ පොළේ පවතින සංවේදීතාව සලකලා මට ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන්න බැහැ. ඒත් කල්යනවිට මේ කරුණු හෙළිදරව් වේවි" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment