කාම්බෝජ අගමැතිගේ ලංකා ගමන අවලංගුයි

කාම්බෝජ අගමැතිගේ ලංකා ගමන අවලංගුයි

කාම්බෝජ අගමැති හුන් සෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කාම්බෝජියා අගමැති කාර්යාලය නිවේදනය කර ඇතැයි වාර්තාවේ.

අගමැති සෙන් හා පාකිස්තාන සෙනට් සභාපති මියන් රාසා රබ්බානි සමග පැවැති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බව එරට අගමැති කාර්යාලය සඳහන් කර තිබේ.

කාම්බෝජියාවේ ඇති වැදගත් රාජකාරී රැසක් සම්පූර්ණ කිරීමට තිබීම හේතුවෙන් සිය නිල සංචාරය අත්හිටවූ බවත් කාම්බෝජයේ මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙන එළැඹෙන වසර කාර්යබහුල බවත් අගමැතිවරයා කියා ඇත.

කාම්බෝජ අගමැතිවරයා ශ්‍රී ලංකාවට අමතරව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සංචාරය කිරීමට සැලසුම් කැර තිබිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment