විමල් කුමාර ද කොස්තාට පපුවෙ අමාරුව හැදුනේ ටීවී රූගත කිරීමකට ලැස්තිවෙද්දී


ප්‍රවීණ කලාකරු විමල් කුමාර ද කොස්තා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයකිනි. ඔහුට එම රෝගී තත්වය මතුවූයේෙ කලම්බු ටී.වී. ජාත්‍යන්තර නාළිකාවේ උතුම් සත්කාර නමැති වැඩසටහනකට
සහභාගී වන්නට සූදානම්ව සිටියදීය.

20දා එම වැඩසටහන පටිගත කරන්නට මැදිරියට ඔහුව ගෙන්වා වේශ නිරූපණයද සිදු කිරීමෙන් පසු පපුවේ අමාරුව සැදී ඇත.
මෙහෙයුම් අධ්‍යක්ෂ චමින්ද ජයසිංහ මහතා ඒ ගැන මෙසේ කියා සිටී.
‘උදේ විමල් අයියට මේකප් දාලා එයට සූදානම් වෙලයි හිටියේ. එයා කීවා වැඩසටහනට මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ 'කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා' යන ගීතය ඇතුළත් කරන්න කියලා. ඒත් එක්කම විමල් අයියා කීවා පපුව රිදෙනවා ඉක්මනට වතුර වීදුරුවක් ගේන්න කියලා. ඊට පස්සේ වතුර බීවා. එයාට අමාරු නිසා අයියා ආපු වාහනෙන්ම කළුබෝවිල රෝහලට රැගෙන ගියා. එහිදී පරීක්ෂා කරපු වෛද්‍යවරු කීවා විමල් අයියා මියගිහින් කියලා.‘
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment