හම්බන්තොට වන අලි එලවන්න අලුත් ක්‍රමයක්

හම්බන්තොට වන අලි එලවන්න අලුත් ක්‍රමයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින් ගම්වැදීම අවම කිරීම සඳහා ගම්මානවල මායිම් ප්‍රදේශවල මී මැසි පෙට්ටි සවි කිරීමට පියවර ගෙන ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ එමගින් යම්තාක් දුරකට හෝ වන අලින් ගම්වැදීම සීමා කර ගැනීමට හැකිවනු ඇති බවයි.

නිරන්තරයෙන් වන අලින් ගම්වදින සූරියවැව ප්‍රදේශයේ දැනට මෙවැනි මීමැසි පෙට්ටි සවි කිරීමට සැලසුම් කර තිබේ.

පසුව අනෙකුත් ප්‍රදේශවලට එය ව්‍යාප්ත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment