පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වැසෙයි

පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වැසෙයි

සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා ඒ අවට රථවාහන ධාවනයට හා ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී තිබේ.

මෙම විරෝධතාවය අතරතුරදි පොලිසිය සහ සමෘද්ධී සංවර්ධන හා කෘෂීකර්ම පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ ලේකම් පලාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ද ඇති වූ බව වාර්තා වේ.

සමෘද්ධි ව්‍යාපාරයේ හා සමෘද්ධි නිළධාරින්ගේ මෙතෙක් නොවිසදුනු ගැටලූ කඩිනමින් විසදීමට ආණ්ඩුවට බල කරමින් තමන් ඇතුළු පිරිස විරෝධතාවයේ නියැලෙන බව ඊට එක්ව සිටින සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කිත්සිරි ගමගේ මහතා කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment