කොළඹ දැඩි රථ වාහන තදබදයක්

කොළඹ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පා ගමන් දෙකක් හේතුවෙන් කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර ඇති අතරඔවුන් කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීමට සැළසුම් කර ඇත.

එම පාගමන හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ එක් මං තීරුවක වාහන ගමාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවී තිබේ.

මේ අතර සමෘද්ධි නිලධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment