කරුණා අම්මාන් රිමාන්ඩ්

කරුණා අම්මාන් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම වී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේ ඔහු ලබන දෙසැම්බර් 07 දක්වා බන්ධනාගාර ගත කර තබන ලෙසයි.

අද පෙරවරුවේ ඒ මහතා පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ දැනුම්දීමකට අනුව එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියේය.

ඔහු එහි කැඳවා තිබුණේ රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment