බැසිල් අමෙරිකා යන්න අවසර ඉල්ලයි

බැසිල් අමෙරිකා යන්න අවසර ඉල්ලයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ඉල්ලා අද (22) මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, දෙසැම්බර් 10 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා කාලයක් වෙනුවෙනි.

නිතිපති විරෝධතා ගොනු කිරිම සඳහා නොවැම්බර් 25 වැනිදා දින නියම විය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment