හිටපු ජනපතිට ලංගමෙන් නඩු

හිටපු ජනපතිට ලංගමෙන් නඩු

පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත්  බස් රථවලට ගාස්තු නොගෙවමින් රුපියල් කෝටි 14.25ක් වංචා කළැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (22) කැඳවීය.

මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට අමතරව නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රීලනිපයේ හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද මෙහි වගඋත්තරකරුවන් කරනු ලැබ සිටියහ.

පසුව සංශෝධිත පැමිණිල්ලක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම් නඩුවෙන් ඉවත් කර තිබිණි.

සංශෝධිත පැමිණිල්ල සම්බන්ධ විරෝධතා ගොනු කිරිමට අවශ්‍ය යැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටි අතර ඒ අනුව විරෝධතා ගොනු කිරීමට නඩුව ජනවාරි 26 වැනිදා යළි කැඳවීමට  කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment